ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් හා භූමි තෙල් මිල ඊයේ මධ්‍යම රාත්‍රි යේ සිට පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපිරි ඩිසල්වල මිල ඉහළ දැමිමට කටයුතු කර තිබේ.
ඒ අනුව,
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු කර ඇති අතර නව මිල රු 329කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රු 346කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇති අතර නව මිල රු 247කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් තුනිකින් ඉහළ දමා ඇති අතර නව මිල රු 434කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දවා ඇති අතර නව මිල රුපියල් 426කි.