දින ගණනාවක් පුරා ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ බොරතෙල් නෞකාවෙන් බොරතෙල් ගොඩ බෑම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ සැපයුම්කර සමග නව ක්‍රමවේදයකට එකගවීමෙන් අනතුරුවය. මේ අතර ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් අප්‍රේල් මාසයෙන් පසුව ඇනවුම් කරන ලෙද පළමු පෙට්‍රල් ඔක්ටේන් 95 තොග රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑමද ඊයේ රාත්‍රි යේ සිට ආරම්භ වී තිබේ.
එසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.