මාසිකව සිදු වන මිළ සංශෝධන සූත්‍රයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ ගණන් පහළ දැමූවද එප්පාවල නගරයේ පිහිටි ඉන්ධනහල් දෙකෙහිම මිළ ගණන් අඩු වූ, ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් හා භූමිතෙල් තොග නොමැති බව දැක ගතහැකි විය.
එක් ඉන්ධනහලක පමණක් මිළ නොවෙනස් වූ ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපර් ඩීසල් නිකුත් කිරීම සිදු කරන අයුරු දැක ගත හැකි විය.එම ඉන්ධන ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම් වල රැදී සිටින අයුරුද දැක ගත හැකි විය..
ඉන්ධන මිළ පහළ යන බව දැනගත් ඉන්ධනහල් හිමියන් ඊයේ (31) ඉන්ධන තොග ඉන්ධනහල්වෙත මිලදී නොගැනීම හේතුවෙන් මෙම තත්වය ඇති වූ බව පාරිභෝගිකයෝ පවසති.