ඉන්ධන ආනයනයට වසරකට ඇ.ඩො බිලියන 5ත් 6 ක් අතර මුදලක් වැය වන බව ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් පැවසුවේ මෙය ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටකට දැරිය නොහැකි අතිවිශාල මුදලක් බවයි. වසරකට තේ,රබර්, පොල් හා මැණික් වැනිදෑ අපනයන ආදායමෙන්ද ශ්‍රී ලංකාවට ලැබෙන්නේ ඇ.ඩො. බිලියන 12 ක පමණ ආදායමක් බවත් එයින් වැඩි ප්‍රමාණයක් තනි ආදායම් ද්‍රව්‍යයක් සඳහා වැය වන බවත් හෙතෙම පැවසීය.
මේ නිසා මෙම තත්වය වෙනස් කිරීමට සූර්ය විදුලි බලයෙන් ධාවනය වන බස් රථ හඳුන්වාදීමට ක්‍රියා කරන බවත්, කොළඹ, ගම්පහ වැනි බස්නාහිර පළාත අවරණය වන පරිදි මෙය ක්‍රියාකිරීමට රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින බවත් හෙතෙම මෙහිදී පැවසීය.