ඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ ඉන්දුනිසියාවේ සිරව සිට මෙරටට ගෙන්වාගත් මෙම කණ්ඩායමේ පුද්ගලයන් 90 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
53 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ. සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි මේජර් පණ්ඩුල හෙට්ටිආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ ලුතිනල් කර්නල් ජයසුන්දර මහතාගේ මූලීකත්වයෙන් කපිතාන් කොළඹගේ ඇතුළු 53 වන සේනාංකයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම නිරෝධායන කටයුතු සිදු කර තිබිණි.
දඹුල්ල කාංචන කුමර ආරියදාස