ඉන්දුනීසියාව සමග වරණීය වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ. එම වරණීය වෙළඳ ගිවිසුමට එළැඹීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2023/07/10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ පිළිබඳව නිල සාකච්ඡා 2024/03/14 දින විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා හා ඉන්දුනීසියාවේ වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පවත්වා තිබේ.වෙළඳ සාකච්ඡා කමිටුවේ පළමු රැස්වීම මාර්ග ගත ක්‍රමය ඔස්සේ 2024/04/03 හා 04 යන දෙදින තුළ පවත්වා තිබේ.
එම සාකච්ඡා කමිටුවේදී සාකච්ඡා ක්‍රම වේදය, අදාළ දත්ත හුවමාරු කර ගැනීමේ කාල රාමුව, විෂයපථය හා ආවරණය යන ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගනු ලැබ තිබේ.
එම කමිටුවේ 02 වැනි රැස්වීම 2024/06/19 හා 20 යන දිනවලදී කොළඹීදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත.