වැටලීමක් කරන මුවාවෙන් බම්බලපිටිය ක්රෙිස්ටර් පෙදෙසේ ඉන්දියන් පුද්ගලික සමාගමක් වෙත ගොස් රුපියල් ලක්ෂ 50 ක අල්ලස් මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරීක්ෂකවරයෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
ව්‍යාපාර සඳහා උපදේශන, දත්ත ඇතුළත් කිරීම් , අලෙවිකරණ ඇතුළු විවිධ සේවා සපයන එම ආයතනය වෙත ඉකුත් 21 වැනිදින ගොස් තිබූ උපපොලිස් පරීක්ෂකවරයා වැටලීමක් සිදු කිරීමට පැමිණි බව පවසා ඔවුන්ගේ නිදහසට කරුණු උසාවියේදී ඔප්පු කරන ලෙසත්, එසේ නොමැති නම් ලක්ෂ 5 ක් හෝ එයට ආසන්න මුදලක් ගෙවා සම්පූර්ණයෙන්ම සමථයක් කර ගත හැකි බවත් පවසා තිබූ බව එම සමාගමේ උසස් නිලධාරියකු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා වෙත පැමිණිලි කර තිබුණේ යැයි පොලීසිය කියයි.
උපපොලිස් පරීක්ෂකවරයා එදින එම අංශයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙරන්ජන අභයවර්ධන මහතා විසින් විමර්ශනයක් සිදු කිරීමේදී උපපොලිස් පරීක්ෂකවරයා උසස් නිලධාරීන් දැනුවත් නොකිරීම හා වැටලීම සිදුකිරීමේ අදාළ ස්ථානයට ගැලපෙන අයුරින් සූදානමකින් තොරව වැටලීම සඳහා යෑම හේතුවෙන් , අපකීර්ති දායක ලෙස හැසිරීම, අනට අකීකරුවීම යන චෝදනා යටතේ ඉකුත් 22 වැනි දින සිට නිලධාරියාගේ රාජකාරි වැඩ තහනමට ලක් කර ඇත.