මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා උවදුර සාර්ථකව පාලනය කර ඇති හෙයින් ශ්‍රී ලංකාව අවට මුහුදේ නිදහසේ ධීවර කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇති නමුත් ඉන්දියාව තුළ කොරෝනා රෝගය සීඝ්රයෙන් පැතිරයාම හේතුකොට ගෙන එහි රෝගීන් දිනෙන් දින ඉහළ යන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
එම නිසා ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.
ශ්‍රී ලංකා රජයත්, සෞඛ්‍ය අංශයත්, ධීවර දෙපාර්තමේන්තුවත් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කොට මෙම කොරෝනා වෛරස් රෝගයෙන් මෙරට ධීවර ප්‍රජාව හා ඔවුන්ගේ පවුල්වල සියලුදෙනාත් සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.