ඉංදියානූ ශ්රී ලංකා ඒකාබද්ධ නිර්මාණය ක් ලෙස උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කල මිරායි චිත්රපටයේ රූගත කිරිම් හේතුවෙන් දින කීපයක් සීමා කර තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (16) සිට යලි සුපුරුදු පරිදි ධාවනය කැරෙන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මෙම මිරායි චිත්රපටයේ රූගත කිරිම් උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කටයුතු ඉකුත් 9 වනදින ආරම්භ වූ අතර මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය න් කීපයක් කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ .
එම දුම්රිය මගීන් වෙනුවෙන් ඇල්ල බදුල්ල අතර විශේෂ සුඛෝපභෝගී බස්රථ සේවයක් යොදවා දුම්රිය මගින්ට ඇල්ල බදුල්ල අතර ගමන් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු සිදු කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය .
ඉංදියානූ ශ්රී ලංකා ඒකාබද්ධ නිර්මාණ මිරායි චිත්රපටයේ ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල රූගත කිරිම් කටයුතු ඉකුත් 9 දින ආරම්භ වී ඊයේ 15 අවසන් විය .
මෙම චිත්රපට යේ රගපෑම් කටයුතු සදහා ඉංදියාවේ ජනප්රිය ප්රසිද්ධ නලු නිලියන් රැසක් ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල ට.පැමිණ සිටි අතර , එම රූගත කිරිම් කටයුතු නැරඹීමට දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ද එම ද එම දින කීපය පුරා ඇල්ල අහස්නවය ආරුක්කු පාලම අසල ට පැමිණ සිටියහ.
ඇල්ල ප්රසාද් රුක්මාල්