ඉන්දීය ජාතික ගුවන් මගීන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් රැගෙන මුම්බායි නුවර සිට විශේෂ ගුවන් යානයක් අද (16දා) දින රාත්රී කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
මෙම ගුවන් මගීන් ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 9665 දරන විශේෂ ගුවන් යානයෙන් 6/16 දින රාත්රී 8.35 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.
ගුවන් මගීන් පිරිස විදේශීය නැව් සමාගමක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.
මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කිරීම සිදු කෙරෙන අතර , ඒ සදහා කොළඹ ලංකා හොස්පිටල් ආයතනයේ කාර්යය මණ්ඩලයේ පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටිති .