ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක ආධාරයෙන් පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි ශ්‍රී ලාංකික සංභවයක් සහිත ඉන්දියානු කාන්තාවක් හා දරුවන් දෙදෙනෙකු සැගවි සිටි නිවස තුළම අද (1දා) නිරෝධායකයට ලක් කළ බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවන් දෙදෙනා හා මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කරමින් මෙම කාන්තාව ඇසුරු කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනෙකු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ලැබුණ තොරතුරක් මත මෙම සොයා බැලිම සිදුකර තිබුනී.
මේ වන විට වෙප්පමඩුව ප්‍රදේශයේ ඥාති නිවසක නිරෝධායනයට ලක්කල කාන්තාව පොලිසියට හා මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හමුවේ පවසා ඇත්තේ .
තමන් 30 දින අලුයම දරු දෙදෙනා හා තවත් කාන්තාවක සමග චෙන්නායි කුප්පම් ප්‍රදේශයේ සිට ධීවර යාත්‍රාවක නැගි තලෙයිමන්නාරම මුහුදු තිරයට පැමිණ ඉන්පසු මන්නාරම දක්වා බස්රථයක් පැමිණ නැවත එම බස් රථයෙන් බැස ආපසු මන්නාරමේන් පුත්තලමට මගී ප්‍රවාහන බස් රථයකින් පැමිණි බවයි.
ඉන්දියන් ජාතිකයින් පිරිසක් වෙප්පමඩුව ප්‍රදේශයට පැමිණ ඇති බවට ලැබුන තොරතුරු මත බුද්ධි අංශ විශේෂ සෝදිසියක් අරඹා තිබුණි.
එය සැලවිමත් සමග 30 දින රාත්‍රියේම මෙම කාන්තාව ත්‍රි රෝද රථයක නැගි හලාවතට ගොස් ඉන් පසුව කොළඹ බලා ගමන් ගත් බස් රථයකද ගමන් කර ඇති බව බව පරික්ෂණ වලදි සනාථ වී තිබේ .
ඉන්දියාවේ සිට පැමිණ ඇති පිරිස් පිළිබදව පුත්තලම මුලස්ථාන පොලිසිය ඥාතින් බව පැවසෙන පිරිසගෙන් විමසා ඇතත් ඒ පිළිබදව කිසිදු තොරතුරක් හෙළි නොකරමින් සිටිම නිසා ඥාති කාන්තාවත් පොලිසිය මගින් අත් අඩංගුවට ගැනිමට පොලිසිය 1 දින අලුයම කටයුතු කර තිබුනී.
ඒ පිළිබදව ඥාතින් ඉන්දියාවේ සිට පැමිණ නිවසින් පැන ගිය කාන්තාවට දුරකථන මගින් කථා කිරිමත් සමග නැවත කොළඹ ගුණසිංහ පුර බස් නැවතුමේ සිට මගී ප්‍රවාහන බස් රථයක නැගි ආපසු හලාවතට පැමින නැවත පුත්තලම වෙප්පමඩුව අදාළඩ ඥාති නිවසට පැමින සිටියදි පොලිස් නිළධාරින් පොලිස් බුද්ධි නිලධාරින් හා මහජන පරික්ෂකවරුන් එක්ව මෙම කාන්තාව හා දරු දෙදෙනා ඥාති නිවෙස් තුල නිරෝධායනය කිරිමට කටයුතු කර තිබුනී .
කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාවේ සිට තලේමන්නාරමට පැමිණි අනික් කාන්තාව පිළිබදව කිසිදු තොරතුක් නොමැති බව පරික්ෂණ පවත්වන පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
ඉන්දියවේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් මෙසේ දරුවන් සමග මෙම කාන්තාව පැන ආවාද නැතිනම් වෙනත් කරුණක් හේතුවෙන් පැමිනියාද යන්න පිළිබඳව ආරක්ෂක අංශ පරික්ෂණ අරඹා තිබේ .
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මනතිව් මහජන සෞඛ්‍ය පරික්ෂක ධනංජය මනෝජ් හා පාලවිය මහජන සෞඛ්‍ය පරික්ෂක හසිදු නිමන්ත මහත්වරුන් වරුන් විසින් මෙම සුවිශේෂ කටයුත්ත ක්‍රියාත්මක කර තිබුණි.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පී .කුමාරදාස මහතාගේ උපදෙස් මත පොලිස් බුද්ධි අංශ හා නිළධාරින් රැසක් මේ සදහා එක්වි තිබුනි.