ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (22දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් යානය තුළ ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් මෙන්ම , කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව් වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කෙරුණි .