ඉන්දියාවේ ධනුස්කොඩි වරායේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ලංකාවේ තලෙයි මන්නාරමට පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ගිය ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන පහමි හසන් සලාමා සිසුවාට ඒ සදහා ඉන්දියානු රජයේ නිසි අවසරය අන්තිම මොහොතේ නොලැබිම නිසා තලෙයි මන්නාරමට ගිය පිරිසට ආපසු හැරි ඒමට සිදුවිය.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ අධීක්ෂණය යටතේ මේ සඳහා ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් අවසරය ලබාගෙන තිබූ අතර ඒ අනුව ඉකුත්15 වෙනිදා බෝට්ටු මගින් ඉන්දියාවට යෑමට සූදානම්ව සිටියදී ඉන්දීය බලධාරීන්ගේ අවසරය අත්හිටුවීම නිසා පිරිසට මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවිය .
මේ සඳහා ධනුස්කොඩි වරායට බෝට්ටු කිහිපයකින් යැමට තලෙයි මන්නාරමට ජීවිතාරක්ෂක කණ්ඩායමක් ,වෛද්‍යවරයෙක් පුහුණුකරුවන් සහ සිසුවාගේ පියා මෙම ලෝක වාර්තාව අධීක්ෂණය කිරීම සඳහා වෙනමම නිලධාරී කණ්ඩායමක් ද සූදානම් පැමිණ සිටියහ ..අදාල අවසරය ලබාදිම ප්‍රතික්ෂේප විමත් සමග මෙම සිසුවා තලෙයි මන්නාරමේ සිට පෝක් සමුද්‍ර සන්ධියට පිහිනා පෝක් සමුද්‍ර සන්ධියේ සිට යලි තලෙයි මන්නාරමට කිලෝ මිටර් 45 දුරක් පැය 12 යි විනාඩි දෙකයි තත්පර 27 කින් පිහිනා අවසන් කර බලාපොරොත්තු සුන්ව ආපසු හැරි ඒ මට සිදුවිය.
සිසුවාගේ පියා වන ත්‍රිකුණාමලය ජමාලියා පදිංචි යූසුප් පහමි මහතා පවසන්නේ මාස ගණනක පුහුණු කටයුතුවල සිට සියළු කටයුතු සූදානම් කිරිමට පමණක් රැපියල් ලක්ෂ 40 ක් වැයවු බවයි.මේ සම්බන්ධයෙන් තමන් ලංකා ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කර තම පුතාගේ උත්සහය සපල කර ගැනිමට යලිත් උත්සාහ ගන්නා බව කීහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව