ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තව සඳහා ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලයේ වැඩි දියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 2ක් ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර තිබේ.
එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයක් ලබා දීම සඳහා වන නොකැඳවූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේ උපදේශක හා යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RTIES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට ලක්කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් හා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024/06/11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ්
ප්‍රදානයක් වශයෙන් ලබාදෙන මෙම දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත් එකී දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් එම කාර්ය ඉටුකරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22ක ප්රදානය ශ්‍රි ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.