ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය විසඳා ගැනිම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍ය පහසුකමක් ලබාදීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර හා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදිමට නියමිතය.
1948 නිදහසින් පසු ශ්‍රී ලංකාව තම දරුණුතම ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින අතර පළමු ණය පැහැර හැරීමේ අද්දර සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය ඇතුළු මිත්‍ර ජාතීන්ගෙන් ණය, ආහාර සහ බලශක්තිය ඉල්ලා සිටී.
"අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා . තවත් හුවමාරු මාර්ග සහ ණය ලබා දීමට කැමැත්තෙන් සිටිනවා" යැයි ඉන්දීය මූලාශ්‍රයක් පවසා තිබේ.
නව දිල්ලියේ ජ්‍යෙෂ්ඨ රජයේ මූලාශ්‍රයක් පැවසුවේ, ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අඟහරුවාදා කළ අනතුරු ඇඟවීම කනස්සල්ලට කරුණක් නමුත්, “අපට තවමත් ඔවුන්ට ඩොලර් බිලියන 2 ක් දක්වා හුවමාරු කිරීම් සහ සහාය ලබා දිය හැකි” බවයි.