එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 8 ලකුණු 357ක් රැස් කිරීමට සමත්විය.
ඉන්දීය ඉනිමේ රෝහිත් ශර්මා හැරෙන්නට මුල්පෙල පිතිකරුවන් ( ශුබ්මන් ගිල් 92/විරාත් කෝලි 88/ශෙර්යාස් අයියර් 82) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
ශ්රී ලංකාවේ පන්දු යවන්නන් දැඩි ප්රහාරයකට ලක්වූ අතර ඩිල්ෂාන් මධුශංක පන්දුවාර 10කදී ලකුණු 80ට කඩුලු පහක් දවා ගැනිමට සමත්විය. එය ඔහු එක්දින පිටියේ කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාව විය.
ඔහු හමුවේ රෝහිත් ශර්මා, විරාත් කෝලි, ශුබ්මන් ගිල්, ෂෙර්යාස් අයියර් හා සූර්ය කුමාර් යාදව් දැවී ගිය පිතිකරුවෝ වූහ.