ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය සඳහන් කරමින් ඉන්දියාව විසින් කොළඹට බලපෑම් කිරීම තේරුමක් නොමැති බව චීනය පවසයි. චීනයේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැංග් 5 යාත්‍රාව හම්බන්තෙට වරායට පැමිණීමට සූදානම් වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.
අගෝස්තු 11 සිට 17 දක්වා අතර කාලය තුළ මෙම නෞකාව හම්බන්තොට වරායේට පමිණීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් එම නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව ලංකාවට කළ බලපෑම් අනුව මේ වන විට එම නෞකාව ලංකාවට පැමිණීම දින නියමයක් නොමැතිව ප්‍රමාද කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් වෙන්බින් මහතා පැවැසුවේ මෙම සියලු කරුණු පිළිබඳව බීජිං සැලකිල්ලට ගෙන ඇති බවයි.
"චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරට විසින් ස්වාධීනව තෝරාගෙන තිබෙනවා. එය දෙරටේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු රකනවා. මෙම සබඳතාව කිසිම තෙවැනි පාර්ශ්වයක් ඉල්ලක කරන්නේ නෑ." යැයි ඔහු පැවැසීය.
ආරක්ෂාව පිළිබඳ ප්රශ්නය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවත්, ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් ගන්නා පියවර සඳහා ඉන්දියාව විසින් ප්‍රකාශ කරන ලද බලපෑම හේ වන විට හේතු වී ඇති බවද ඔහු සඳහන්හේ කළේය.
"ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. එයට තම සංවර්ධන අවශ්‍යතා අනුව වෙනත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා. " ඔහු පැවසීය.
"චීනයේ විද්‍යාත්මක ගවේෂණ සාධාරණ හා සංවේදී ආකාරයකින් දකින්න. චීනය සහ ශ්‍රී ලංකාව අතර සාමාන්‍ය හුවමාරුවට බාධා කිරීමනවත්වන ලෙස දීනය අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීනවා" වැන්ග් මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රවාහන මධ්‍යස්ථානයකි. චීනයේ සිට පැමිණි බොහෝ විද්‍යාත්මක ගවේෂණ නෞකා නැවත සැපයුම් සඳහා ශ්‍රී ලංකා වරායේ නතර කර ඇති බව ඔහු පැවසීය.
"චීනය සෑම විටම මහ මුහුදේ යාත්‍රා කිරීමේ නිදහස භාවිතා කර ඇති අතර වෙරළබඩ රාජ්‍යයන් ඔවුන්ගේ කලාපය තුළ විද්‍යාත්මක ගවේෂණ කටයුතු සඳහා අධිකරණ බලයට සම්පූර්ණයෙන්ම ගරු කරයි," ඔහු පැවසීය.