පැය 48ක කාලයක් තුළදී ඉන්දීය ගුවන් යානා 10ක පමණ බෝම්බ ඇති බවට වූ තර්ජන හේතුවෙන් එම ගුවන් යානා ප්‍රමාද කිරීම හෝ හරවා යැවීම සිදු කර තිබේ.
පසුගිය සඳුදා (14දා) සිට මෙලෙස ඉන්දීය ගුවන් යානා තුළ බෝම්බ ඇති බවට තර්ජන ලැබී ඇති අතර, එක්වර මෙලෙස වැඩි ප්‍රමාණයක තර්ජන ලැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.