ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා 10/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඔහු සමග දූත පිරිස ලෙස සහභාගී වීම සදහා තවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් 10/04 දින උදෑසන 10.15 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට ( Indian Air Force ) අයත් අයි.එෆ්.සී.- 34 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මෙම අවස්ථාව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් හට අවස්ථාව ලබා දී නොතිබුණි .
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස , ශ්‍රී ලංකා සිය එක් දින නිල සංචාරය නිමා කර 10/04 දින සවස 06.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය .