මහනුවර දොඩම්වල හල්ලොලුව පාලම අසල හුදකලාව පිහිටි සුපිරි නිවාසයක් තුළ තරුණ ඉන්දියානු ජාතිකයන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බවට සැකකරන පරිගණක අපරාධ මධ්‍යස්ථානයක් වටලා එම ඉන්දියානු ජාතිකයන් සහ පරිගණක ලැප්ටොප් ඇතුළු විශාල භාණ්ඩ තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් සිදුකළ විමර්ශනයේදී එය පරිගණක අපරාධ සිදුවන මධ්‍යස්ථානයක් බවට තහවුරු වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පවත්වාගෙන යන එහි ශාඛාවට වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාර දී තිබේ .
රුපියල් ලක්ෂ තුනකට ආසන්න මාසික කුලී මුදලක් ගෙවා වයස අවුරුදු 30 ට අඩු ඉන්දියානු තරුණයන් දොළොස් දෙනෙකු විසින් එම නිවස කුලියට ගෙන කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි ආකාරයට ආරක්ෂක ගේට්ටු යොදා ඔවුන්ගේ ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි .
මෙම ස්ථානයේ ජාත්‍යන්තර මට්ටමේ අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට හෝ වෙනත් පරිගණක අපරාධ මෙම ස්ථානයේදී සිදුකොට ඇතිද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ .
ඔවුන්ගේ ආහාර පිස ගැනීම සඳහා ඉන්දියාවෙන් කෝකිවරුන් දෙදෙනෙකු ද ගෙනැවිත් තිබූ බව පවසන පොලිසිය ඔවුන් කිසිවෙකුටත් දහවල් කාලයේ එම නිවසෙන් පිටවීම තහනම් කොට තිබී ඇති බවද කියයි .
එම නිවසේ තිබී පරිගණක 22 ක් ලැප්ටොප් යන්ත්‍ර 04 ක් ලොව නවීනතම ජංගම දුරකථන පනහකට අධික ප්‍රමාණයක් සිම් කාඩ් විශාල ප්‍රමාණයක් පරිගණක සඳහා භාවිතා කරන බැකප් යන්ත්‍ර පරිගණක සඳහා යොදාගන්නා ආරෝපණ බැටරි ඇතුළු මුදල් විශාල ප්‍රමාණයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
මොවුන් රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක ගිණුම් පවා ආරම්භ කොට තිබූ බව පවසන පොලිසිය ඔවුන් සන්තකයේ තිබූ කාඩ් ඒ.ටී.එම්. 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ .