ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 975ක වියදමක් දැරීමට සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාමුනි කමන්ත තුෂාර මහතා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට අනුව මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සහ එහි තොරතුරු නිලධාරී බී.සී.පී. කුලරත්න මහතා ඒ බව සඳහන් කළේය.
එම මැතිවරණයේ වැඩිම වියදම දැරීමට සිදුව ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල සහ ගමන් වියදම් වෙනුවෙන් බවත්, එය රුපියල් කෝටි 27 1/2ක වියදමක් වශයෙන් ඇස්තමේන්තු කොට ඇති බවත් සඳහන් කරන කුලරත්න මහතා වාහන කුලී වෙනුවෙන් රුපියල් කෝටි 15ක වියදමක් දැරීමට සිදුවන බවට ඇස්තමේන්තු කර ඇතැයිද සඳහන් කළේය.
මැතිවරණයේ මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 14 ක වියදමක් දැරීමට සිදුවන බවත්, ලිපි ද්‍රව්‍ය හා කාර්යාල භාණ්ඩ වෙනුවෙන් රුපියල් කෝටි 13ක වියදමක් දැරීමට සිදුවන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.සී.පී. කුලරත්න මහතා වැඩිදුරටක් සඳහන් කළේය.මැතිවරණ කොමිසම සඳහන් කරන ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වැය වන සම්පූර්ණ වියදම් ඇස්තමේන්තුව මෙසේය.
කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල සහ ගමන් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 275ක්, වාහන කුලී වෙනුවෙන් රුපියල් කෝටි 150ක්, ලිපි ද්‍රව්‍ය හා කාර්යාල භාණ්ඩ වෙනුවෙන් රුපියල් කෝටි 130ක්, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය හා උපකරණ වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ඉන්ධන වෙනුවෙන් රුපියල් කෝටි 80ක්, ඉදිකිරීම හා අලුත්වැඩියා වෙනුවෙන් රුපියල් කෝටි 10ක්, සුබසාධන වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 40ක්,
මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 140ක්, තාවකාලික විදුලිය සැපයීම් හා විදුලි ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 17 1/2ක්, ඡන්ද පොළ සේවා වෙනුවෙන් රුපියල් කෝටි 25ක්, ජල, දුරකථන ඇතුළු සේවා, වෙනත් වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 55ක්, නීතිවිරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම, පැමිණිලි කළමනාකරණය වෙනුවෙන් රුපියල් කෝටි 7 1/2ක්, මුද්දර හා තැපැල් ගාස්තු වෙනුවෙන් රුපියල් කෝටි 4ක්, නිරීක්ෂණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 7ක්, ප්‍රචාරණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 4ක් සහ නවාතැන් හා ගොඩනැගිලි කුලී වෙනුවෙන් රුපියල් කෝටි 5ක් වශයෙනි.