ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසිකම ජනවරම මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බවත් ඒ වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකික මහජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.
එසේම දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් මහජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අවේබර්ධන මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (30) ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔක්තෝබර් මාසයේ 17 වෙනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා විසින්ම කැබිනට් මණ්ඩලයටත්, අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථානවලටත් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයාත් එම ප්‍රකාශයම සිදුකොට තිබුණා. එසේනම් ඔක්තෝබර් 17 වෙනිදාට ප්‍රථම ජනාධිපතිවරණය ශ්‍රී ලංකාව තුළ පැවත්වෙනවා. එය ස්ථීරයි, ඒ ගැන කිසිඳු ප්‍රශ්නයක් නැහැ.
මේ රටේ සියලු ජන කොටස් බලාගෙන සිටිනවා සියලු දේශපාලන පක්ෂ පැත්තකට විසි කරලා දාලා මේ රට බංකොලොත් වූ තැනින් ගොඩගත් නායකයාට මේ රට ඉදිරියට ගෙනයාම සඳහා නැවත බාරදෙන්න.
මේ රට වෙනිසියුලාවක් වෙනවා දකින්න, මේ රට හංගේරියාවක් වෙනවා දකින්න, එහෙමත් නැතිනම් මේ රට සිම්බාබ්වේ වගේ රටක් වෙනවා දකින්න අපේ රටේ මහජනතාව කොහෙත්ම කැමති නැහැ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුව තිබෙනවා. ඒ වගේම එතුමා විසින් බාරගත් වගකීම අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. එතුමා බාරගත් වගකීම අවසන් කිරීම කියන්නේ මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයෙන් නිදහස් කිරීම සඳහා මේ ජූනි මාසයේ අවසානය වනවිට එතුමා ක්‍රියාකළ යුතුව තිබෙනවා.
එතුමා ඒ සටන ජයග්‍රහණය කළාට පසුව එතුමා බාරගත්ත සටන ඉවරයි, ඊළඟට තිබෙන්නේ මහජනතාවගේ සටන. මහජනතාව කිසිසේත්ම මේ රට නැවත පීඩනකාරී තත්ත්වයකට පත්කිරීම සඳහා සූදානම් නැති බව දේශපාලන පක්ෂ මතක තබාගත යුතුව තිබෙනවා.
මහජනතාව කිසිසේත් කලබල නොවිය යුතුයි. ලංකා ඉතිහාසයේ ලැබෙන ඓතිහාසික ජනවරමක් බවට මෙවර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලැබෙන බව ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ මතක තබා ගත යුතුයි. දේශපාලන පක්ෂවලට හසුවූ මහජනතාව එතැනින් දැන් ඉවත් වෙමින් තිබෙනවා. ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් සිටිනවා. මේ ගැන රටේ සමස්ථ මහජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතුයි කියා මා මතක් කර සිටිනවා.