ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත හෙට (30දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව මෙම විසර්ජන පනත් කෙටුම්පතින් රාජ්‍ය වියදම රුපියල් බිලියන 4672ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
හෙට ඉදිරිපත්කිරීමට නියමිත විසර්ජන පනත් කෙටුම්පතේ මුළු වියදම සටහන් වන්නේ වර්තන වියදම් බිලියන 2249ක්, පොලී වියදම් බිලියන 1334ක්, ප්‍රාග්ධන වියදම් බිලියන 1809ක් ලෙසිනි.
හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධිත අයවැය 2022 අනුමත අය වැයට වඩා රුපියල් බිලියන 773ක මුදලක් වැඩිකර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_068cfea322.jpg)