ඉතිහාස පොත ඉල්ලා ගැනීමට නිවසට ආ පාසල් සිසුවියකට ලිංගික අතවර කල බව කියන පාසල් සිසුවෙකු සැකපිට ඊයේ අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය කීය.
පාසල් සිසුවියගේ ඉතිහාස පොත අස්ථානගත වී ඇති අතර, සැකකාර සිසුවාගෙන් පොතක් ඉල්ලා ගැනීම සඳහා සිසුවිය ඔහුගේ නිවසට ගොස් තිබේ.
ඇය සිසුවාගේ නිවසට යන අතරේ එම නිවසේ කිසිවෙක් සිට නොමැති අතර, සැකකාර සිසුවා සිසුවියට පහර දී බිය ගන්වා ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කීය.
සිසුවිය රෝහල් ගතකර ඇති අතර, සිසුවා පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සුමිත් පොතුපිටිය