ඉතාලියේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මාස තුනට අධික කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා හා ළමා ක්‍රීඩාංගණ අද (15දා) සිට විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (14) දිනයේදී ඉතාලියේ නව ආසාදිතයන් 338ක් වාර්තා වනවිට මරණ 44 ක් වාර්තා වී තිබෙන අතර කෝවිඩ් සුවය ලැබූ පිරිස 176,370ක් ලෙස වර්ධනය වී තිබේ.
ආසාදිතයන් 22471ක් නිවෙස්වලම හුදෙකලා කර සුවය ලබමින් සිටින බවත්, 3594ක් රෝහල් තුළ හා 209ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
චන්දන ප්‍රනාන්දු (ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට)