කෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දිනයේ සිට ලොම්බා්දියා කලාපය හැර විවෘත කිරිමට අවසර ලබාදීමට ඉතාලි රජය පියවර ගෙන තිබේ.
නිවෙස් වලම සිටින ජනයාගේ හා දරුවන්ගේ මානසික සුවය හා දැනුම ලබා ගැමට අවශ්‍ය පොත්පත් මිලදි ගැනිමට ඉඩකඩ ලබාදීමට මෙම පියවර ගත් බව රජය පැවසීය.
ඉතාලිය වසා දැමුවත් සියලුම ආහාර වෙළඳ සැල් විවෘත කර තිබු අතර නිසි අවසර පතක් සමග නිවසකින් එක් අයෙකුට පමණක් මිලදි ගැනිමට යාමට අවසර ලබා දුන්නේය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා සිට