චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා සිට
කොවිඩ් 19 වසංගතයෙන් අඩපණ වු ඉතාලි ආර්ථිකය ශක්තිමත් කරමින්ජ න ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට යුරෝ බිලියන 400 ක මුදලක් ලබාදිමට යුරොපා කොමිසම එකඟ වු බව ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තේ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
මෙම මුදල් හරහා අඩපණ වී ඇති මහ හා සුළු පරිමාණ වයාපාර යථා තත්වයට පත් කිරීම, පාසැල් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය අංශ නගා සිටුවීම, රැකියා අහිමි වු සේවකයන්ගේ වැටුප් ගෙවිම වැනි කාර්යයන් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
යුරොපා සංගමයේ මෙම මූල්‍ය පහසුකම ඉතාලිය නැවත නැගී සිටිමට විශාල ශක්තියක් බවත් ඉතාලියේ සියලුම ජනතාව ආරක්ෂා කිරිමට, ශක්තිමත් කිරිමට සියලු සැලසුම් සකසා ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.