(චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට)
සෞඛ්‍ය පිළිබඳ ඉහළ අගමැති උපදේශක කාරක සභාවේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මත තවත් දින 20 ක කාලයක් සඳහා ඉතාලිය වසා දැමිමට තීරණය කළ බව ඊයේ (09දා) ඉතාලි අගමැති ජුසෙප්පෙ කොන්තෙ මහතා ප්‍රකාශ කළේය.
ඉතාලියේ නව කෝවිඩ් ආසාධිතයන් අඩුවීමේ සාධනිය තත්වයක් හා දැඩි සත්කාර එකකයට ඇතුල් කරන රෝගින්ගේ අඩුවීමක් පෙන්නුම් කරන බැවින් හා නැවත වටයකින් ආසාධිතයන් වැඩිවීම නවත්වා ගැනිමට එය දිගටම පවත්වා ගැනිම සඳහා මෙම පියවර ගත් බව අගමැතිවරයා පැවසීය.
ආර්ථිකය හා ජන ජිවිතය යථා අයුරින් පවත්වාගෙන යාමට සියලු ක්‍රමවේදයන් සකස් කර අවසන් බවත් ලබන මැයි මස 3 දක්වා ඉතාලිය වසා දමන බවත් අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ඉතාලියේ ඊයේ (09දා) වන විට කොවිඩ් 19 අසාධිතයන් 143626 ක් වාර්තා වි ඇති අතර මියගිය පිරිස 18279 ක්ද සුව වු පිරිස 28470 ක් ලෙස වාර්තා විය.