ඉතාලි තානාපති කාර්යාලය වෙත සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින් මුලාකොට එරට රැකියා ලබාදෙන බව පවසමින් ලක්ෂ 26 ක මුදලක් වංචා කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය අලෙවි ප්රවර්ධන නිලධාරිනියක් බවත් සැකකරු තීරෝද රථ රියදුරෙකු බවත් පොලිසිය කියයි. ඉතාලි තානාපති කාර්යාලය ට සේවාවන් සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පිටස්තර පුද්ගලයින් විසින් මුදල් ලබාගන්නා බවට ඉතාලි තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින් අධ්යක්ෂක තානාපති ආරක්ෂක කොට්ඨාසය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලිස්පතිතුමාගේ උපදෙස් මත ආරම්භ කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 5 විමර්ශන නිලධාරීන් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු එම ස්ථානයේ දීර්ඝ කාලයක සිට තීරෝද රථ රියදුරකු ලෙස සේවය කරන අයෙකු බවත් තානාපති කාර්යාලය වෙත සේවාවන් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මුලාකොට එම සේවාවන් සිදුකර දිය හැකි බව පවසා මුදල් සැකකාරියගේ ගිණුමට බැර කරවාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
සැකකරු සහ සැකකාරිය මේ ආකාරයෙන් අලව්ව කහවත්ත මාරවිල හා කඳාන ප්රදේශවල පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර තිබූ බව පොලිසිය කියයි
අත්අඩංගුවට සැකකාරිය වයස අවුරුදු 50 ක් නාරාහේන්පිට පදිංචිකාරියක් වන අතර වයස අවුරුදු 52 ක් වන සැකකරු කොළඹ හත ටොරින්ටන් මාවත පදිංචිකරුවෙකි
සැකකරු හා සැකකාරිය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.