ඉංගිරිය ප්‍රදේශයේ සිට අතුරුදහන්වූ බවට පැමිණිලි ලැබී තිබූ ගවයින් හත් දෙනෙකු අතුරින් සිව් දෙනෙකු
ඇහැළියගොඩ පොලිස් වසමින් හමුවූ බව ඉංගිරිය පොලිසිය පවසයි.
ඉංගිරිය පදිංචි ගව හිමියෙකුට අයත් ගවයින් සත් දෙනෙකු මෙලෙස නැතිවී තිබූ අතර, ගව හිමියාට ලැබුණු
තොරතුරක් මත ඔහු ඉංගිරිය පොලිසිය ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ක්‍රියා කර ඇත.
පසුව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතාගේ මැදිහත්වීම මත ඇහැළියගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේද සහයෝගය ඇතුව රුපියල් ලක්ෂ පහළොව(15)කට අධික වටිනාකමැති මෙම ගවයින් සිව්දෙනා සොයාගැනීමට හැකිව තිබේ.
ගව සොරකම මෙන්ම ගවයින් නිදැල්ලේ යාමට හැරීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් වසම ආශ්රිත සියළු ගව පට්ටි හිමියන් දැනුවත් කිරීම සිදුකර ඇති බවත්, ගවයින් නිදැල්ලේ ගැවසීම ගව හොරකමට අතවැනීමක් බවත් පවසන ඉංගිරිය පොලිසිය, තම ගවයින් අයාළේ යාමට ඉඩහැර තිබෙන ගව හිමියන් සම්බන්ධයෙන් නීතිමට පියවර ගැනීමට කටයුතු කර තිබෙන බවද පවසා සිටී.
නිමාලි කහවල