ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකා රජය විසින් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.
2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.
ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී. එමඟින් 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
අදාල අමාත්‍ය මණ්ඩල කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනෙකුගෙන් සමන්විතය.
ඉන්දුමූර්ති ජයසූරිය