ඊයේ (02දා) උදේ 7.00 අවසන් වූ පැය 24ක කාලය සැලකීමේදී වැඩිම වර්ෂාපතනය ඇහැළියගොඩින් වාර්තා වී තිබෙන අතර, එම ප්‍රදේශයට මිලිමීටර් 427.5ක වාර්ෂාපතනයක් ඇති වී තිබේ.
එමෙන්ම ඉංගිරිය, හල්වතුර ප්‍රදේශයට මිලිමීටර් 348.5ක්, අකුරැස්ස ප්‍රදේශයට මිලිමීටර් 283.5ක්, සාලාව ප්‍රදේශයට මිලීමිටර් 280.5ක්, පාලින්ද නුවර ප්‍රදේශයට මිලිමීටර් 276ක් හා දෙරණගල ප්‍රදේශයට මිලිමීටර් 267ක වර්ෂාපතනයක් ඇති වී තිබෙන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.