ඇල්ල කරදගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීම නිසාවෙන් නායයාමේ අවධානම මත තාවකාලිකව රාත්‍රි කාලයේ වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (16) සිට දවසපුරාම විවෘත කර තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
වර්ශාවත් නොමැතිව ඉකුත් 14 වන දින අලුයම ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරදගොල්ල 20 කනුව ප්‍රදේශයේ දී හදිසියේ නායයාමක් සක්‍රිය වෙමින් විශාල ගස්කොළන් කීපයක් මාර්ගය ට කඩා වැටීම නිසාවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුවිය.
අනතුරුව මෙම නායයාම තවදුරටත් සක්‍රිය වෙමින් පවතින හෙයින් එම නායයාමේ අවධානම නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය සවස 6.30 සිට පසුදින උදෑසන 6 වනතෙක් රාත්‍රි කාලයේ වසා දැමීමට කටයුතු කර තිබින .
කෙසේ වෙතත් මෙම නායයාමේ අවධානම ක්‍රමයෙන් අවම මට්ටමකට පැමිණ ඇති හෙයින් ඇල්ල වැල්ලවාය මාර්ගය රාත්‍රි කාලයේ වසා නොදමා එම ස්ථානයේ එහි එක් මංතීරුවක් මෙසේ පැය 24 පුරා විවෘත කර තැබිමට කටයුතු සිදු කල බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය .
නමුත් කාලගුණික තත්ත්වයේ හදිසි වෙනස් වීම මත මෙම තීරණ ක්ෂණික ව වෙනස් විය හැකි බවත් ,එම නිසා ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කරන රියදුරන් ට මෙන්ම ගමන් කරන ජනතාවට දැඩි විමසිල්ලෙන් කල්පනාකාරිව ආරක්ශිතව ගමන් කරන ලෙසට පොලිසිය දැනුම් දී සිටි .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්