ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව ට්රිප්ඇඩ්වයිසර් සංචාරක මාර්ගෝපදේශක වෙබ්අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමකදී, ලොව හොඳම රෙස්ටුරන් අතර දෙවැනි ස්ථානය, ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකර ගෙන තිබේ.
මීට පෙර චිල් රෙස්ටුරන් දකුණු ආසියාවේ හොඳම දෙවැනි රෙස්ටුරන්ට් එක ලෙසටද තේරී පත්විය.
ආහාර පාන, සත්කාර සේවා ඇතුළු අංශ කිහිපයක් තම මනාපයට හේතුව බව සංචාරකයන් විසින් තබන ලද සටහන්හි දැක්වෙයි.
පාලිත ආරියවංශ