ඇල්ල කරඳගොල්ල මලිතගොල්ල නායයාමේ අවදානම අවම කිරීමේ දීර්ඝකාලීන පිළියම් අද 12 දින සිට ආරම්භ කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
නාය සක්‍රිය වී ඇති භූමි කොටසේ අභ්‍යන්තරයේ පිරී ඇති ජලය තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් පොළොව අභ්‍යන්තරයට බට යොදා ඉවත් කිරීමේ කටයුතු අද දින සිට ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලී පර්යේෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමකගේ උපදෙස් ඇතිව තාක්ෂණික නිලධාරීහු ඇතුළු කණ්ඩායමක් මෙම කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.
තවද මේ සදහා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,ඇල්ල ප්‍රාදේශීය සභාව, ඇල්ල පොලිසිය , ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය සහ ආපදා සහන සේවා ඒකකය ඇතුළුව ප්‍රදේශවාසීන්ගේ ද දායකත්වය ලැබී තිබේ.
මේ වන විට ඇල්ල කරදගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව අධික වර්ෂාපතනයක් ඇද හැලෙන බැවින් නාය බිම වඩාත් සක්‍රීය තත්ත්වයක් පෙන්නුම් කරන බවද උදය කුමාර මහතා පැවසීය.
කෙසේ වෙතත් මෙම නාය යාම මගින් ඇල්ල වැල්ලවාය මාර්ගයට සහ එහි යන එන්නන්ට ඇතිවන අවදානම අවම කිරීමේ මූලික පියවර රැසක් මේවන විට ගෙන ඇති බවද ඒ මහතා පැවසීය.
මෙම නායයාම හා සම්බන්ධව නිවාස අහිමි වූ අය සඳහා ඉඩම් හා නිවාස ඉදිකරදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ද දියත් කර තිබේ.
ඇල්ල කරදගොල්ල මලිතගොල්ල නාය යන ස්ථානය එක් පසෙක දැඩි බෑවුම් තත්ත්වයක්ද අනෙක් පස කඳුවැටියකින්ද සමන්විත වන අතර එම ස්ථානය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන බෝක්කුවකින්ද සමන්විත වේ.
ඇල්ල ප්‍රදේශය සංචාරක පාරාදීසයක් වන බැවින් තිරසාර විසඳුමක අවශ්‍යතාවය විශේෂඥයින් විසින් පෙන්වා දී ඇත.