ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .
මේ නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට දැඩි අවධානමක් දිනෙන් දිනම මතු වෙමින් පවතින බවද හෙතෙම කීය .
කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම 2019 වසරේ ආරම්භ වූ බවත් , මේ වනවිටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉවත් කර ඉන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩමක් සොයා ගෙන නිවාස තනා ගැනිමට අවශ්‍ය මූලික කටයුතු කර ඉදිරි මාස කීපය තුල ඔවුන් නැවත පදිංචි කිරිමේ කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා ගේ මැදිහත් වීම මත සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .
උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා මේ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවෙනවා කියලා ජනතාවගේ මතයක් තිබෙන බවත් , ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේශනයක් සිදු කර නොමැති නිසාවෙන් ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරිම ට නොහැකි යැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ පිළිබඳව පුලුල් පරීක්ෂණයක් කර උමා ඔය උමං මාර්ගය සහ මෙම නාය යාම අතර යම්කිසි සම්බන්ධයක් ඇති දැයි සොයා බලන බවත් , එහෙම යම්කිසි දෙයක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙනවානම් එයට ගතහැකි විකල්ප ක්‍රියා මාර්ග , අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම සිදු කරන බවද පැවසීය .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඔවුන්ගේ භූ විද්‍යා ශ්‍යන්.සමග එක්වී මෙම කරදගොල්ල මලිත්තගොල්ල ගම්මාන යට ගොස් පුලුල් පරීක්ෂණ යක් කර අපට සවිස්තරාත්මකව වාර්තාවක් ලබා දිමෙන් පසුව ඉදිරි කරුණු කාරනා සම්බන්ධයෙන් පැවසීමට හැකි යැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සදහන් කළේය .
දැනට කෙටි කාලින විසදුමක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් මත මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවන ස්ථානයේ ඉහල රැදී ඇති ජලය ඉවත් කිරිමට අවශ්‍ය මූලික කටයුතු මාර්ග සංවර්ධන අධ්කාරිය සමඟ එක්වී ජලදහරා සමග එකතු කර එම ජලය බැස යාමට කටයුතු කරන බවත් හෙතෙම පවසයි .
2019 වසරේ ආරම්භ වූ ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල නාය යාම සක්‍රීය වෙමින් මීට පෙර විටින් විට නාය යාමට ලක්වූ අතර, යලි ඉකුත් 24 වන දින වර්ෂාව නොමැතිව වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම සක්‍රීය වීමට පටන් ගත්තේය .
දැනට දින හතරක පමණ සිට යලිත් සක්‍රීය වෙමින් පවතින මෙම නාය යාම දිනෙන් දින වැඩිවෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින අයුරු දක්නට ලැබේ .
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් නාය යාමට ලක්ව ඇති ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නිරික්ෂණ සංචාරය කළහ .
කෙසේ වෙතත් මේ වනවිටත් මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම නිසාවෙන් නිවාස රැසක් කැඩී විනාශ වී ගොස් ගස්කොළන් රැසක් කඩා වැටී අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් නාය යාමට ලක්වී ඇත.
දිනෙන් දින සක්‍රීය වෙමින් පවතින කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට විශාල බලපෑමක් එල්ලවෙමින් මාර්ගය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අතර , ඉන් ඇල්ල නගරයේ සංචාරක ව්‍යාපාරය ටද විශාල බලපෑමක් ඇති වෙනු ඇත.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්