ඇල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ගත් ඇල්ල ඔඩිසි සංචාරක දුම්රියේ ගමන් ගත් ඉරාන ජාතික විදේශික සංචාරක කාන්තාවක සෙල්ෆි ජායාරූප ගැනිමට යාමෙදි ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර අංක 20 දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
ඉරානයේ සිට මෙරට සංචාරයක් සදහා පැමිණ ඇති 37 හැවිරිදි ඉරාන ජාතික විදේශික කාන්තාවක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය කීය .
මැය තවත් කිහිපදෙනක් සමඟ ඇල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඇල්ල ඕඩ්සි සංචාරක දුම්රියේ න් නානුඔය බලා ගමන් කරමින් සිටියදී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙදි ඔහීය ඉදල්ගස්හින්න අතර පිහිටි දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියේ න් ඇද වැටී ඇති බවත් පොලිසිය පැවසීය .
පසුව එම දුම්රියේ දමා ගෙන මැය නානුඔය දුම්රිය ස්ථානය ට රැගෙන ගොස් පසුව 1990 ගිලන් රථයක දමා ගෙන නුවරඑළිය රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය සදහන් කළේය .
මේ අතර පසුගිය දින කීපය තුලදී කොළඹ කොටුව බදුල්ල අතර ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සහ රාත්රි තැපැල් දුම්රිය න් වල ගමන් ගත් විදේශීය සංචාරකයන් මෙන්ම සරසවි සිසුවියක සෙල්ෆි ජායාරූප ගැනීමට යාම්දී දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි .
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් 61 හැවිරිදි කොරියානු ජාතිකයකු තවත් දෙදෙනකු සමඟ නුවරඑළිය ප්රදේශයේ සංචාරය කර නානුඔය සිට හපුතලේ බලා එන අතර තුරේදී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ දී යකඩ කනුවක ගැටීමෙන් දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලැබු අතර , රත්ගම අරලිය උයන ප්රදේශයේ පදිංචි කොළඹ සරසවි යේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සරසවි සිසුවියක තවත් පිරිසක් සමඟ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක1045 රාත්රි තැපැල් දුම්රියෙන් ගමන් කරමින් සිටියදී හපුතලේ දුම්රිය ස්ථානයේදී දුම්රිය නැවතු අවස්ථාවේ දුම්රියේ බැස සෙල්ෆි ජායාරූප ගනිමින් සිටියදී යලි ධාවනය වූ දුම්රිය ට ගොඩවීමට යාමේ දී දුම්රියේ න් ඇද වැටී පාදයකට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළහ .
මේ අතර කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික විදේශික සංචාරක කාන්තාවක දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර අංක 19 දුම්රිය බිංගෙයි ගැටී ධාවනය වෙමින් තිබූ දුම්රියේ න් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සදහන් කළේය .
දුම්රියේ ගමන් කරමින් සිටියදී මෙසේ දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාම අනතුරුදායක බවත් එසේ සෙල්ෆි ජායාරූප ගැනීමට යාමෙන් වලකින ලෙසට හපුතලේ පොලිසිය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති .
ඇල්ල ප්රසාද් රුක්මාල්