ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්රදේශයේ සක්රීය වෙමින් පවතින නාය යාමේ අවධානම හේතුවෙන් තාවකාලිකව රාත්රි වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (19) උදෑසන 6 සිට විවෘත කල බව ඇල්ල පොලිසිය පවසයි .
වර්ෂාවත් සමඟ ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්රදේශයේ සක්රීය වී ඇති නාය යාම නිසාවෙන් එහි රොන්මඩ තට්ටු,මඩ,බොරදිය ජලපහරක් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයට ගලාගෙන ඒම නිසාවෙන් ඇති වී තිබෙන දැඩි අවධානමත්, වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගයේ තැනින් තැනට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමේ දැඩි අවධානම නිසාවෙන් මෙසේ ඊයේ (18) රාත්රි 8 සිට අද (19);උදෑසන 6 වනතෙක් ඇල්ල වැල්ලවාය ප්රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබූ බවද ඇල්ල ප්රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා පැවසීය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය , මාර්ග සංවර්ධන අධ්කාරිය ,ඇල්ල පොලිසිය ප්රාදේශීය ලේකම් කාර්යාලය , බදුල්ල දිස්ත්රික් ලේකම් වරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව පවසන ඇල්ල ප්රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා කරදගොල්ල මලිත්තගොල්ල ප්රදේශයේ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදිමින් ආරක්ෂිත උපදෙස් මත මෙසේ මාර්ගයේ ගමන් කරන ලෙසත් , පවතින වර්ෂාව අනුව මෙම මාර්ගය බොහො වීට විටින් විට තාවකාලිකව වසා දැමීමට සිදුවන බවද සදහන් කළේය .