ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂක, අපේක්ෂිකාවන් නාම යෝජනා අත්සන් කිරීම ඊයේ(9දා) උදේ ඇල්පිටිය බීස් හෝටලයේදී සිදු කෙරිණ.
ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක කමිටු සාමාජික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතාගේ පධානත්වයෙන් මේ නාම යෝජනා අත්සන් කිරීම සිදු කෙරිණ.
හිටපු දකුණු පළාත් සභා සහ ඇල්පිටිය පාදේශීය සභා මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතාගේ කණ්ඩායම් නායකත්වයෙන් යුක්තව තිස් එක් දෙනෙක් මෙදින නාම යෝජනා සඳහා අත්සන් කළහ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඊයේ (09දා) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
මෙම ස්වාධීන කණ්ඩායම සංවිධානය කර ඇත්තේ අනිල් කාරියවසම් මහතාය.ඒ මහතා එක්සත් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සිටි මන්ත්‍රිවරුන් තිදෙනාගෙන් එක් අයෙකි.
මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාස 17ක් වෙනුවෙන් ඡන්ද 55643ක් ලියාපදිංචි වී තිබේ. ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්දය පැවැත්වීමට නියමිතය. සභික ධුර සංඛ්‍යාව 28කි.
නාමයෝජනා කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පළමු නාමය යෝජනා පත්‍රය සඳහා 17ක් සහ අතිරේක නාමයෝජනා පත්‍රය සඳහා 14කි. මෙහි කාන්තා නියෝජනය පළමු නාම යෝජනා පත්‍රය සඳහා 2ක් වන අතර අතිරේක නාමයෝජනා පත්‍රය සඳහා 07කි.