ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධීන කන්ඩායමක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ශ්රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සාගර කාරියවසම් මහතාද, සමගි ජන බලවේගය වෙනුවෙන් බොළඳ හේවා ජයන්ත ජයවීර මහතාද , ජාතික ජන බලවේගය වෙනුවෙන් රත්න ගමගේ මහතාද ,ජනසෙත පෙරමුණ වෙනුවෙන් බත්තරමුල් ලේ සීලරතන හිමිද,පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මහින්ද සෙනරත් බංඩාර මහතාද, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්රසය වෙනුවෙන් නිරුක්ෂ නන්ද කුමාර මහතාද ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් ජගත් පුෂ්පකුමාර මහතාද ,පොදුජන එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් රමේෂ් පතිරණ මහතාද ,ස්වාධීන කන්ඩායමක් වෙනුවෙන් සුසිරි ගුනසුන්දර කහවෙවිතාන මහතාද මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා ඇප මුදල් බාරගැනීම ඉකුත් 26 දා ආරම්භ කෙරිණි.
ජේ.ඉඳුරුවගේ