ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරදීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හත්වන මහලේදී හෙට (12දා) සිදුකෙරෙන අතර එය දහවල් 12 ට අවසන් කෙරේ.
මෙම මැතිවරණය සඳහා මේ වනවිට පිළිගත් දේශපලන පක්ෂ කණ්ඩායම් අටක් සහ ස්වාධීන කණ්ඩායමක් ගාල්ල තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.එච්.ආර්.විජයකුමාර මහතා ඉදිරියේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත්තේ සාගර කාරියවසම් මහතා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සුසිරි ගුණසුන්දර කහවෙවිතාන මහතා.ස්වාධීන කණ්ඩායම, රත්න ගමගේ මහතා.ජාතික ජනබලවේගය, බත්තර මුල්ලේ සීලරතන හිමි.ජනසෙත පෙරමුණ, බොළඳ හේවා ජයන්ත ජයවීර මහතා.සමගි ජනබලවේගය, මහින්ද සෙනරත් බණ්ඩාර මහතා.පොදුජන එක්සත් පෙරමුණ, නිරුක්ෂ නන්ද කුමාර මහතා.ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ඩබ්ලිව්.ටී.ජගත් පුෂ්ප කුමාර මහතා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, රමේෂ් පතිරණ මහතා.පොදුජන එක්සත් නිදහස් සන්ධානය. යන කණ්ඩායම් නමයයි.
ඇල්පිටිය පලාත් පාලන ආයතනය සදහා සභිකයන් තෝරා පත් කර ගැනීමට අදාළව නාමයෝජනා භාර ගැනීමේ නිවේදනය 2024 අගෝස්තු 26 දෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා තේරීම් භාර නිලධාරී විසින් ප්‍රසිද්ධියට පත්කොට තිබුණි .
ඒ අනුව ඡන්ද විමසීම සඳහා ඇප මුදල් තැන්පත් භාර ගැනීම් 2024 අගෝස්තු 26 දින සිට 2024 සැප්තැම්බර් 11 මධ්‍යාහන 12.00 දක්වාද (මෙම කාලය අතරතුර එළඹෙන 2024 අගෝස්තු 31 හා 2024 සැප්තැම්බර් 01,07 හා 08යන සෙනසුරාදා හා ඉරිදා දිනවල හැර) නාමයෝජනා භාර ගැනීම 2024 සැප්තැම්බර් 09 දින සිට 2024 සැප්තැම්බර් 12 දින මධ්‍යාහන 12.00 දක්වාද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබුණි.
මෙවර ඇල්පිටිය ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාස 17ක් වෙනුවෙන් ඡන්ද 55643ක් ලියාපදිංචි වී ඇත . ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්දය පැවැත්වීමට නියමිතය. සභික ධූර සංඛ්‍යාව 28කි.
නාමයෝජනා කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පළමු නාමය යෝජනා පත්‍රය සඳහා 17ක් සහ අතිරේක නාමයෝජනා පත්‍රය සඳහා 14කි. මෙහි කාන්තා නියෝජනය පළමු නාම යෝජනා පත්‍රය සඳහා 2ක් වන අතර අතිරේක නාමයෝජනා පත්‍රය සඳහා 07කි