පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජාතික ජනබලවේගයට කොට්ටාශ 15 ක බලය හිමිවූ අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස නිශාන්ත පෙරේරා මහතාත් උප සභාපතිවරයා ලෙස සුමිත් පතිරගේ මහතාත් පත්කරමින් මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.
ඉන්පසුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම්දීම නිසා ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා එම පක්ෂය විසින් නම් තුනක් පක්ෂ ලේකම්වරයා වෙත යොමුකළ බව ජාතික ජනබලවේගයේ බෙන්තර ඇල්පිටිය ප්‍රධාන සංවිධායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පැවසීය.ඒ අනුව එසේ නම්කර ඇති සනත් ප්‍රියන්ත මහතා සභාපතිවරයා ලෙස පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත යවා ඇත. මැතිවරණ කොමිසම විසින් එම නම මෙතෙක් ගැසට් කර නැත.
නිශාන්ත පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත්ව යාම නිසා හිස්ව ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රි ධූරය සඳහාද පක්ෂ ලේකම්වරයා වෙත නම් තුනක් යවා ඇති බව නිශාන්ත පෙරේරා මහතා පැවසීය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස නම්කොට ඇති ලේල්කඩ ලොකුගේ සනත් ප්‍රියන්ත සුමනසිරි මහතා විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර