ඇඹිලිපිටිය වලව කලාපයේ මුං අස්වැන්න අලෙවි කිරීමට අදාලව ගැටළු මතු වී නැති බව ගොවි සංගම් නියෝජිතයින් අද (03)) සඳහන් කළේය.
අද ( 03 ) ඇඹිලිපිටිය ගොවි සංගම් නියෝජිතයින් මේ බව පැවසුවේ, ඇඹිලිපිටිය ප්රානදේශීය ලේකම් කාර්යාල ශ්රෝවනාගාරයේදී සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් පැවති ඇඹිලිපිටිය වලවේ කලාපය ගොවි ගැටළු පිළිබඳව සකච්චාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ගොවි සංස්ථාවේ නියෝජිතයන් පැවසුවේ,අලෙවි කිරීමට නොහැකි මට්ටමේ මුං අස්වැන්න තමන් සතුව නොමැති බවය.
මෙවර තමන් සතුව පැවති මුං අස්වැන්න මේ වන විට අලෙවි කර ඇති බවත්, ඉතිරිව පවතින මුං අස්වනු තමන්ගේ පරිබෝජනයට සහබීජ ලෙසවගාවට ගනු ලබන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් පැවසුවේ මෙවර අතුරු කන්නයක් ලෙස ඇඹිලිපිටිය වම් ඉවුර කලාපයේ ගොවීන් විසින් මුං ඇට හෙක්ටයාර් 93 වගාකල බවය.
මෙම කලාපයේ ගොවීන් සතුව මේ වන විට මුං අස්වැන්න කිලෝග්රෑ9ම් 1400ක් පමණ ඇති බවය. මෙහිදී අදහස් දැක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කළේ රජය මගින් ගොවි ජනතාව ආරක්ෂා කරීමට කටයුතු කරන බවය.
වැඩි දුරටත් අදහස් දැක්වූ එම මහත්මිය පැවසුවේ ගොවීන්ගේ වගාවට අවශ්‍යම ජලය පොහොර බිජ ඈතුලු පහසුකම් රජය සපයන බවත් අස්වනු අලෙවිය සදහා ඊට මැදිහත් වන බවත්ය.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රා දේශීය ලේකම් විශාකා පුබුදුනි පීටර්මහත්මීය,මහවැලි අධිකාරියේනිලධාරීන් ද එක්ව සිටියහ.