නිව්යෝර්ක් (සී.එන්.එන්. බිස්නස්) පසුගිය සති තුන ඇමරිකානු රැකියා වෙළඳපොලේ ඉතිහාසයේ ඉතාම ගැටලුකාරි කාල පරිච්ඡේදයක් සනිටුහන් කර ඇති අතර, විරැකියා ප්රතිලාභ සඳහා පළමු වරට කරන ලද ඉල්ලීම් මාර්තු මුල සිට 3,000% කට වඩා වැඩි වී තිබේ.
කොරෝනා වෛසරය හේතුවෙන් එරට ව්‍යාපාර සඳහා බලපා ඇති සෘණාත්මක වාතාවරණය මේ සඳහා හේතු වී තිබේ.
ඇමෙරිකා කම්කරු දෙපාර්තමේන්තුවට අනුව, මාර්තු 28 වනදායින් අවසන් වන සතියේ කම්කරුවන් මිලියන 6.6 ක් විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලීම් කර තිබේ.
එය ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි වී තිබේ. මාර්තු මාසයේදී පමණක් විරැකියා ප්රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇති ප්‍රමාණය මිලියන 10ක් පමණ වෙයි.
ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ කිසිදු ඇමරිකානුවෙකු ඔවුන්ගේ ජීවිත කාලය තුළ දැක නැති තරම් දැඩි රැකියා වෙළඳපොල පහත වැටීමක් මේ වන විට සිදුව ඇති බවයි
ඇමරිකාවේ මිලියන 165 ක ශ්‍රම බලකායක් සිටින අතර මෙයින් මාසයක් තුළ රැකියා වියුක්ති ප්රතිලාභ ඉල්ලුම් කිරීමේ ප්රතිශයත සියයට 6ක් තරම් වෙයි.
ඉදිරි සති කිහිපය තුළ අපේක්ෂා කරන රැකියා අහිමිවීම් අනුව ඇමෙරිකාව තුළ විරැකියා අනුපාතය 10% ට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති.