ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රමාත්‍ය විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත්ය.
අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්රිකාශයට පත් කරනු ලැබීය.
අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්යාං ශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්රමමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්රිකයාත්මක කිරීම පහසු වන පරිදි රාජ්ය් අමාත්යාංිශ සකස් කර ඇත.
අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.
එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්රවයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.
සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.
අමාත්‍යාංශ භාර අමාත්‍යවරු සහ රාජයේ අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රෙය් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දෙති.
2187-27_S.pdf by Ada Newspaper on Scribd