වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන දෙක බැගින් භාවිත කළ හැකි බවත් ඒ වෙනුවෙන් එක් මාසයක් සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් සඳහා ප්‍රතිපාදන සපයන බව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ උපදෙස් මලාවේ සඳහන් වේ.
නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සඳහා පහසුකම් සැලසීමට අදාළ උපදෙස් මලාවේ අමාත්‍යාංශ උපදේශකවරුන් පත් කර ගැනීම, වාහන හා ඉන්ධන, දුරකතන, කාර්ය මණ්ඩල පත් කිරීම ඇතුළුව ලබා දෙන පහසුකම් පිළිබඳව එහි සඳහන් කර තිබේ.
මේ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන්කරගත හැකි උපරිම වාහන සංඛ්‍යාව දෙකක් ලෙස සඳහන් වේ.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ රාජ්‍ය සමාගමක වාහන යොදා ගන්නේ නම් හෝ බාහිරින් කුලී පදනමින් වාහන ලබා ගන්නේ නම් ඒ සම්බන්ධ වගකීම අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැරිය යුතු බවත්, කුලී පදනමින් වාහන ලබා ගැනීමේදී එම වියදම් අනුමත ප්‍රතිපාදන සීමාවල පවතින බවට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වගබලාගත යුතු බවත් සඳහන් කර තිබේ.
අමාත්‍යවරයෙකුට කාර්ය මණ්ඩල සමාජිකයන් 15 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට කර්යමණ්ඩල සමාජිකයන් 12 දෙනෙකු යොදා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.
අමාත්‍යාංශ සඳහා පූර්ණකාලීන සුදුසුකම් සහිත උපදේශකවරුන් පත් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. කිසියම් අමාත්‍යාංශයක විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අවස්ථාවලදී එකී එක් එක් විෂය ක්ෂේත්රයන් සඳහා බඳවාගත හැකි අතර, එහි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකු නොඉක්මවිය යුතුය. උපදේශකවරුන් පත් කර ගැනීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතුවන අතර එම පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සටහනක් මගින් දැනුවත් කළ යුතු බවද සඳහන් කර ඇත.එමෙන්ම ඔවුන් සඳහා වැටුප් හා දීමනා හා ප්‍රවාහන පහසුකම් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 03/2016 හා චක්‍ර ලේඛ 22/99 හි SL3 තනතුරුවල සීමාවන් ඉක්මවා නොවිය යුතුවේ.
අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වෙත කාර්යාලයට දුරකථන දෙකක්, නිවාසයට එකක්, ජංගම දුරකතන එකක් හා කාර්යාල ෆැක්ස් එකක් අයත්වන අතර කාර්යාල හා නිවාස දුරකතන මාසික දීමනාව රුපියල් විසිදහසක් වේ. ජංගම දුරකතනය සඳහා රුපියල් දසදහසක් හිමිවේ.
කාර්ය මණ්ඩලවල දුරකතන දීමනා සැලකීමේදී පෞද්ගලික ලේකම්ට රු.6000ක මාසික දීමනාවක් හා සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරීන්ට රු.5000 බැගින් දීමනා හිමිය.
මාධ්‍ය ලේකම්ට හා පෞද්ගලික ලේකම්ට කාර්යාල දුරකතනයක්, ජංගම දුරකතනයක් හා කාර්යාල ෆැක්ස් එකක් හිමි වන අතර සම්බන්ධීකරණ ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරි සඳහා කාර්යාල දුරකතනයක් හා ජංගම දුරකතයක් හිමි වේ.
අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනා බැගින් පත් කරගත හැකිවේ. පෞද්ගලික ලේකම්වරයෙක්, මාධ්‍ය ලේකම්වරයෙක්, මහජන සම්බන්ධතා නිලධාරිවරයෙක්, කාර්යාල කාර්ය සහායකවරුන් දෙදෙනෙකු හා රියදුරන් දෙදෙනෙකු බැගින් පත් කර ගත ගැනීමටද හැකිවේ.
පුද්ගලික සහකාරවරයෙකු පත් කර ගැනීම සඳහා අමාත්‍යවරයාට පමණක් අවස්ථාව ලබාදී තිබෙන අතර කළමනාකරණ සහකාරවරුන් පත් කර ගැනීමේදී අමාත්‍යවරයාට 05 දෙනෙකු පත් කර ගත හැකි වේ. නියෝජ්‍ය අමාත්‍යවරයාට පත් කර ගත හැක්කේ පුද්ගලික සහකාරවරුන් තිදෙනෙකු පමණි.