හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ අමාත්‍යධුර හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 4ක් යළිත් අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වෙන තෙක් පාර්ලිමේන්තුවේ හා රටේ අනෙකුත් කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම අමාත්‍යවරු දිවුරුම් දී තිබේ.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14දා) පස්වරුවේ ජනාධිපතිවරාය ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,
- විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, -දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් සභා හා පළාත් පාලන
- නාගරික සංවර්ධන හා නිවාස - රසන්න රණතුංග මහතා
- විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර මහතා