පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රි නිල නිවාස ලබාදීමේදී තමන් ඇමති නිල නිවස ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ජී.රොෂාන් ප්‍රියසංජන මහතා සමග මාදිවෙල පිහිටි එක මන්ත්‍රි නිල නිවසක් පරිහරණය කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.
ආර්ථික අතින් පීඩාවට පත්ව සිටින ජනතාව යම් සහනයක් බලාපොරොත්තුවෙන් තම රජය කෙරෙහි විශ්වාසය තබා බලය ලබා දී ඇති බැවින් ලැබූ ජනවරම තුලින් ජනතාවට සහන සැලසීම තමන්ගේ හා තම රජයේ යුතුකම බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීහ.
ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ තමා ඇතුළු අනෙක් මන්ත්‍රීවරයා වන ඒ.ජි. රොෂාන් ප්‍රියසංජන මහතා සමග එකම මන්ත්‍රි නිල නිවස පරිහරණය කරමින් ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට දෙදෙනාම තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීහ .
තම නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා අයවැයෙන් වෙන් කරන වැය ශීර්ෂයේ මුදල් ජනතා සුබ සිද්ධියට යෙදවීමටද තමන් තීරණය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා වැඩිදුරටත් පැවසීය
චමෝද්‍යා අමරජීව