පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තැන්පත් කළ ඇප මුදල් ලබා ගැනීම සඳහා ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අදාළ ලිපිය මේ මස 28වන දිනට පෙර ඇප මුදල් තැන්පත් කළ දිස්ත්රික් මැතිවරණ කාර්යාල වෙත භාර දිය යුතු බවද පෙන්වා දෙයි.
මේ මස 28වන දිනට පෙර ලිපි භාර දෙන පිරිස් සඳහා ඇප තැන්පත් මුදල් නොපමාව ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කරයි.
2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමූ අතර, පසුව මේ සම්බන්ධයෙන් මේ මස 17වන දින පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතට අනුව ඇප මුදල් තැන්පත් කළ දේශපාලන පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට ආපසු ගෙවිය යුතු බවට දන්වා තිබෙන බවද පෙන්වා දෙයි.