තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරිමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ග හා අතුරු මාර්ග වල ගමන් ගන්නා සියලුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන නිරෝධායන රේගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ නඩු පවරනු ලැබෙන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
අධිකරණයෙන් වැරදිකරු වුවහොත් සිර දඬුවමකට සහ දඩයකටට යටත් වනු ඇත.
ඊට අමතරව එම තැනැත්තන් අවශ්‍යතාව අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත හෝ අධිකරණ වෛද්‍ය නිලධාරින් වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගැනිමට කටයුතු කරනු ලැබේ.
පොලිස් භාරයට ගත් වාහන මෙම වසංගත තත්ත්වය පහව යන තෙක් රඳවා ගැනිමටද කටයුතු කරනු ලැබේ.